"A Healthy Nation built on a safe environment"

SRI LANKA FREEDOM PUBLIC HEALTH INSPECTOR'S UNION

ඔබව තවමත් මෙහෙයවන්නේ ......










ඔබව තවමත් මෙහෙයවන්නේ ......


අද වන විට අපේ රටේ සිගරට් සමාගම්වල සෘජු මැදිහත්වීමකින් සිදුකරන වෙළෙඳ ප‍්‍රචාරණ, ප‍්‍රවර්ධන වැඩපිළිවෙල හා අනුග‍්‍රාහකත්වයන් දක්නට නොමැත. එහෙත් සිය මිනීමරු නිෂ්පාදනයට අළුත් පිරිසක් එක්කර ගැනීම අඩපණ වී ඇති බවක් නම් පෙනෙන්නට නැත.


ඒ වෙනුවෙන් මිනීමරු සමාගම කුමක් කරන්නේ ද?
අපිව මෙහෙයවීමේ දුරස්ථ පාලකය ඔවුන් සතුද?

අද වෙළඳපොලේ ඇති සිගරට් පැකට් මත 80% ක ප‍්‍රමාණයේ රූපමය සෞඛ්‍ය අවවාදයන් දැමීමට රජය විසින් ගෙන ඇති තීරණය දිගින් දිගටම මගහරිමින් කට්ටි පැනීම දුම්කොළ සමාගමේ කූට උපක‍්‍රමයකි. මෙම රූපමය අවවාදයන් සිගරට් පැකට්ටුවේ ප‍්‍රධාන මුහුණත්වල ප‍්‍රදර්ශනය වීම සිදුවුවහොත් සිගරට් භාවිතයේ අනිවාර්්‍ය පසුබෑමක් සිදුවන බව සිගරට් සමාගම දනී.

උදා: මේ සෞඛ්‍ය අවවාදයන් මගහැරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ සිට එල්ල වූ ජනතා උද්ඝෝෂණයන් හා දැඩි විරෝධයන් හමුවේ දුම්කොළ සමාගම වෙත එල්ලවන බලපෑම එන්න එන්නම දැඩිවිය. මේ සියළු දේ නිසා සිගරට් සමාගමේ මේ වසරේ මුල් කාර්තුවේ දුම්වැටි නිෂ්පාදනය 14% න් අඩු වී ඇති බව ඔවුන්ගේම වාර්ථා පෙන්වා දෙයි. 
රටක සෞඛ්‍ය වෙනුවෙන්  නිවැරදි මෙන්ම ඵලදායී ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක වන විට සෞඛ්‍යට වින කරන මිනීමරු සමාගමේ ආදායම අඩුවීම සිදුවන ආකාරය පෙන්වීමට මීට වඩා හොඳ උදාහරණයක් නොමැති බව සක්සුදක් සේ පැහැදිළිය. මෙවන් අවාසිදායක තත්වයන් මගහරවා ගැනීමට ඔවුන්  ඕනෑම දෙයක් සිදුකිරීමට පෙළඹෙනු ඇත. එය ආකාර කිහිපයකින් සිදුවීමට ඉඩ ඇත. ඒ වාගේම සියළු උත්සාහයන් දමා එය සාර්ථක කරගැනීම ඔවුන්ගේ අනාගත ව්‍යාපාර පැවැත්ම තීරණය කරනු ඇත.
සෘජු හෝ වක‍්‍ර ආකාරයෙන් පවු සෝදා ගැනීමේ විවිධ උපායන් හි යෙදීමට සිගරට් සමාගම් පටන් ගත්තේ අද ඊයෙක සිට නොවේ. අපේ රටේ සිගරට් ප‍්‍රචාරණයන්, අනුග‍්‍රාහකයන් හා දැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් වීමටත් පෙර සිටම බැටළු හම් පොරවාගෙන කූට අයුරින් හැසිරීම අපේ රටටත් අමුත්තක් නොවේ. 
 
කෘෂිකර්මාන්තයට මුවා වී සිදුකරනු ලබන වැඩසටහන් මගින් පෙන්නන්න හදන්නේ දුප්පත්කම දුරලීමේ අවශ්‍යතාවයයි. එහෙත් රටේ දුප්පත්ම මිනිසුන්ගෙන් උදුරාගන්නා මුදල්වලින් සොච්චමක් ඒ වෙත වැය කර කීර්තියක් ගැනීමට තැත් කිරීමේ උපාය බුද්ධිමත් මිනිසුන් තේරුම්ගෙන ඇත. මීට අමතරව මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් අරමුණු කරගනිමින් මිනීමරු දුම්කොළ සමාගමේ අනුග‍්‍රාහකත්වයෙන් සිදු කරන Fast Track වැනි වැඩසටහන් කූට උපායන් ඔප්පු කිරීමට උදාහරණ වේ.
තවද, රටේ සියළු පළාත්වල සිගරට් විකිණීමෙන් ඉවත්වන කඩහිමියන් වෙත වරදාන ලබාදී විකිණීම දිගින් දිගටම පවත්වා ගැනීමට කටයුතු කරයි. සිගරට් විකිණීමේ නිරත වන කඩවලට සිගරට් පැකට් අලංකාර ලෙස පාරිභෝගිකයාට පෙනෙන පරිදි රැඳවිය හැකි රාක්ක ලබාදීම මේ වන විට සුලබ දෙයකි. ඒවායින් සිගරට් ගැන අලංකාර ප‍්‍රතිරූපයක් මැවීම සිදුකිරීම නිසා කුඩා වියේ පසුවන දරුවන් භාවිතයට නැඹුරුවීමේ අවස්ථාව වැඩිය. රටක ප‍්‍රචාරණය හා අනුග‍්‍රාහකත්වයන් සම්බන්ධයෙන් කොතරම් නීති රෙගුලාසි තිබුණත් මිනීමරු සමාගම තමන්ගේ ව්‍යාපාරවල අනාගතය සුරක්ෂිත කිරීමට නොකරන දෙයක් නැත.

අපිට බැලූ බැල්මට නොපෙනුනත් රටේ තරුණ පිරිස් සහභාගීවන විවිධ විනෝදජනක ඉසව් සිගරට් සමාගමේ පව්කාර සෙවනැල් වැටී අඳුරු වුණ අවස්ථා අපේ රටේම  ඕනෑතරම් ඇත. එවැනි ඉසව්වලදී සිගරට් ප‍්‍රචාරණය සිදුකිරීමට රූමත් තරුණියන් යොදාගනිමින් සිදුකිරීම මෙන්ම ජංගම වෙළෙඳුන් යොදා විකිණීම මගින් සිගරට් පහසුවෙන් මිලදී ගැනීමට හැකි අවස්ථාව සැපයීම සුක්ෂමව සිදුවේ. අපේ රටේ සිගරට් භාවිතය ගැන දළ අදහසක් ගතහොත් සුරා බදු දෙපාර්තමේන්තුවේම වාර්ථා පෙන්වා දෙන අන්දමට 2007 වසරේ සිට 2012 වසර දක්වා කාලය තුල සිගරට් නිෂ්පාදනය මිලියන 400 න් එනම් මුළු නිෂ්පාදනයෙන් 10% ක් අඩුවී ඇති බව පෙනෙන්නට තිබේ. එනම්, අපේ රටේ සිගරට් බොන ප‍්‍රමාණය එන්න එන්නම අඩුවෙමින් පවතින බවයි. මෙය සිගරට් සමාගමට දරා ගත නොහැකි යථාර්තයක්, මේ තත්වය වෙනස් කර ගැනීමට සියළු උත්සාහයන් ගන්නා මිනීමරු දුම්කොළ සමාගමේ ආසන්නතම ඉලක්කය බවට පත්ව ඇත්තේ අපේ කාන්තා පාර්ශවයයි. වැඩියෙන් තරුණියන් ගැවසෙන, විශේෂයෙන් පාසල් ශිෂ්‍යාවන් අරමුණු කරගෙන මෙම කූට ප‍්‍රයත්නය යෙදෙමින් ඇති බව විවිධ මාධ්‍යන්ද අනාවරණය කර තිබිණි. කිසිසේත් සිගරට් භාවිතා කරන බවක් නොපෙනෙන සැබෑ තත්වය වසන් කරමින් පෙනී සිටින රූමත් තරුණියන් කිහිපදෙනෙක් ඉහත සඳහන් බාලිකා පාසල් අවට සිගරට් ඉරීමට යෙදවීමට තරම් සිගරට් සමාගම් සුක්ෂම වන්නේ සිය ව්‍යාපාර අනාගතයට ඇති අභියෝගය මගහරවා ගැනීමටයි. 

අපේ රටේ වෙළඳ ප‍්‍රචාරණය, දැන්වීම් හා අනුග‍්‍රාහකත්වයන් නීති මගින් තහනම් වුවත් සියුම් ලෙස  සිය අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට මිනීමරු දුම්කොළ සමාගම් තරම් කූට පිරිසක් ලොව වෙනත් කිසිදු ව්‍යාපාරයක නැත. 
තවදුරටත් ඉහත ආකාරයෙන් අපේ ජීවිත මෙහෙයවීමට ඉඩ දිය යුතුද?
එය දුම්කොළ සමාගම විසින් දමා ඇති තොණ්ඩුව අප විසින්ම බෙල්ලට දමා තද කර ගැනීමකි.


යෝජනා අදහස් යොමුකරන්න.
Alcohol & Drug Information Centre
40/ 18 Park Road,
Colombo 05.
Tel: 0112584416
visit us on: www.adicsrilanka.org

Mosquito Larvie Trap

The new inventer Sisira Bandara (Public Health Inaspector - Bingiriya) Introducing mosquito Larvie Trap. This is a more eficiency and good solution for Dengue And Other Mosquito Borne Disieses.More details...

Health Education session


Public Health Inspector has good Knowledge about preventive Health. this is a session of the giving Health Education for School Children.

Public Health Inspectore arrenging and held the Immunization session in schools

Public Health Inspector is one of the Officer in preventive medical sector in Sri Lanka. He is a multi tasking, Multi perpusing and Multi Ability person